Turmeric කහ වගාව
- kasungayathra218
- May 13, 2021
- 1 min read
ශ්‍රී ලංකාවේ විශාල ඉල්ලුමක් තිබෙන මේ කහ වගාව දැනට ආනයනය කිරීම නවත්වා දේශීයව වැවීමට රජය විසින් තීරණය කර ඇත. ඉතින් මේ සඳහා කහ වගාවක් කිරීමට සූදානමින් ඉන්න ඔබට විශාල ඉල්ලුමක් ලැබෙනු ඇත. මුලින්ම අපි බලමු කහ වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්ව. කහ වගාවට හොඳින් හිරුඑළිය අවශ්‍ය වන අතර ජලාපවාහන පරිසරයක් ද තිබිය යුතුයි. සාමාන්‍යයෙන් කහ වගාවට බීජ ලෙස යොදා ගන්නේ ගිය කන්නයේ අස්වැන්නෙන් ලබාගත්තු අමු කහ අලය. එම බීජ අල උස්වූපාත්ති නිර්මාණය කර එහි වලවල් සාදා අඟලක් පමණ යටකර සිටුවා ගනු ලබයි. ඉන් පසුව හොඳින් වසුනක් යොදාගනී. එසේ නැත්නම් මෙම කහ අල මලු වල ද වගා කළ හැක. කිලෝ ග්‍රෑම් 10 හාල් උර වගේ මලුවල සිටුවා ගැනීමෙන් හොඳ අස්වැන්නක් ලබාගත හැක. සාමාන්‍යයෙන් කහ අස්වැන්න ලබා ගැනීමට මාස අටත් දහයත් අතර කාලයක් ගතවේ. කහ ශාක මැරුණු පසු කහ අල ගලවා ගැනීම සිදුවේ. සාමාන්‍යයෙන් කහල ජාති වර්ග දෙකක් පමණ ඇති අතර ශ්‍රී ලංකාවේ දේශීය කහවල හොඳ ගුණාත්මක බවක් මෙන්න වර්ණයක් ද ඇත.








Comments